si.news
132

පූජකයා ඔහුගේ "හොඳම වරද" කරයි

අලුත් අවුරුදු උදාවත් සමඟ, 44 හැවිරිදි, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් අගරදගුරු වසමේ, සිමි වැලීහි සහකාර පූජ තුමන් වශයෙන් කටයුතු කරන ග්‍රෙගොරියෝ හිඩාල්ගෝ පූජකතුමන්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගෙන …තව
අලුත් අවුරුදු උදාවත් සමඟ, 44 හැවිරිදි, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් අගරදගුරු වසමේ, සිමි වැලීහි සහකාර පූජ තුමන් වශයෙන් කටයුතු කරන ග්‍රෙගොරියෝ හිඩාල්ගෝ පූජකතුමන්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගෙන රෝහලකට ගිය අවස්ථාවේ දී ඔහුට වැරදි රෝගී කාමරයක් වෙත ගෙන ගොස් ඇත.
ඔහු ගොස් ඇත්තේ අවසන් හුස්ම හෙලන්නට මත්තෙන් සිටින්නවූ කාන්තා රෝගියෙකුගේ කාමරයකට ය. හිඩාල්ගෝ ඇයට පාපොච්චාරණය කිරීමට අවශ්‍ය දැයි ඇසූ විට ඇය එය තහවුරු හර ඇත.
හිඩාල්ගෝ කාමරය හැර යන අවස්ථාවේ දී, ඔහු බැහැදැක ඇත්තේ වැරදි රෝගියෙකු බව වැටහිනි. වැරදීමකින් බැහැදු‍ටු කාන්තාව ඊට පැය දෙකකට පසුව මිය ගොස් ඇත. හිඩාල්ගෝ මෙම අවස්තාව ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ එය ඔහුගේ "හොඳම වරද" බවයි.
#newsGxdasgtyvb